අන්තර්ජාල හරහා මුදල් උපයන්නන්ට පනවන බද්ද ?


වි
දේශ පාර්ශවයන්ට සේවා සපයන හෝ විදේශ විනිමය මෙරටට ගෙන එන පුද්ගලයින් සඳහා 15%ක අපනයන බද්දක් 2025 අයවැය මඟින් නියම කර තිබෙනවා. 

මෙම බද්දට අයත් වන්නේ විදේශීය පාර්ශවයන් වෙත සේවා සපයන පුද්ගලයින් සහ විදේශීය පාර්ශවයන්ට සේවා සපයන අනෙකුත් වෘත්තිකයන් ය.

විදේශ විනිමය ඉපැයීම් දිරිමත් කිරීම සඳහා මේ දක්වා එවැනි ආදායම් නිදහස් කර තිබුණා. යන් බැංකු පද්ධතියක් හරහා මුදල් නැවත ලංකාවට ගෙන එන්නේ නම් මෙම බද්ද පනවනු ලබනවා. 

එසේම වෙනත් ඕනෑම විදේශීය මූලාශ්‍ර ආදායමක් සඳහා සියයට 15 ක බද්දක් අය කිරීමට් නියමිතව තිබෙනවා. 

මෙම බදු පැනවීම සම්බන්ධන්යෙන් මේ වන විට සමාජ ජාල හරහා දැඩි විරෝධතාවයක් එල්ල වෙමින් පවතිනවා. 

සමාජ ජාලා ඔස්සේ අදහස් දක්වමින් ඔවුන් පවසා සිටින්නේ විදේශ ඉපයීම් උණ්ඩියෙල්, හවලා ක්‍රම හරහා එවීම හෝ අන්තර්ජාල ගිණුම්වලම එම මුදල් රඳවා තබා ගැනීම සුදුසු බවයි. අන්තර්ජාල උපයන්නන් සඳහා රජය විසින් කිසිදු පහසුකමක් ලබා නොදී එසේ මුදල් උපයන්නන් සඳහා 15%ක බද්දක් අය පැනවීම ඉතා අසාධාරණ බවයි අදහස් දක්වමින් සමාජ මාධ්‍ය හරහා පෙන්වා දී ඇත්තේ. 

කෙසේ වෙතත් රාජ්‍ය බදු ආදායම බරපතළ ලෙස බිඳ වැටී ඇති නිසා මෙම බද්ධ පැනවීම කළ යුතුම බවයි කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස පවසා ඇත්තේ. මේ සම්බන්ධයෙන් කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ ද තම සමාජ ජාල ගිණුම ඔස්සේ මෙලෙස අදහස් පළ කර තිබෙනවා. 

උපුටා ගැනීම

2024 ජූනි IMF ආයතනය හා පැවති රජය එකඟවූ බදු වෙනස්කම්

ඔව් මේ එකඟතාවයන් වලින් එලියට යන්න අමාරුයි ඒත් වත්මන් මහජන ආණ්ඩුව සාකච්ඡා කරනවා... 

Property Tax එක Imputed Rental Tax එක තාම ජනතාවට පැටෙව්වෙ නෑ

IT කර්මාන්තයට දීල තියන බදු සහන සියල්ල අතහරින්න එදා එකඟ වෙලා තිබෙනවා 

ඒ වගේම IT සේවා සියල්ල 30% බද්දකට යටත් කරන්න තමයි එකඟ වෙලා තියෙන්නෙ

තව දේශීය කර්මාන්ත ආරකශාවට තියන SCL එක අයින් කරල VAT ඓක විතරක් ගහන්න එකඟ වෙලා තියනෙවා. වර්තමාන ආණ්ඩුව ඒකත් බේරගෙන තියෙනවා

මෙහෙමයි අපි රටක් විදිහට ඉදිරියට යන්න ඔනේ එකතුව, ආණ්ඩුව හා මහජනයා කියල දැන් දෙකක් නෑ.. මේක අමාරු මැච් එකක් අපි බලන්නෙ වක්‍ර බදු වැඩි නොකර කොහොමද ඉස්සරහට යන්නෙ කියල. රනිල් කිව්වෙ VAT එක 20% කරන්න වෙයි කියල

විපක්ෂ බලන් ඉන්නෙ කොහොමද මේ ආණ්ඩුවට කෙල කරන්නෙ IMF එක එලවල රට ආයේ අස්තාවර කරල දූශිතයන්ට බයල ගන්නෙ කියල

ආණ්ඩුව බලන්නෙ IMF agreement  එක ඇතුලෙ කොහොමද අපි ජනතාවාදී වෙනස් කම් කරන්නෙ කියල

ඉතින් බැන්නට කමක් නෑ, කල හැකි උපරිම දේ මේ මහජන ආණ්ඩුව කරනවා. දදේනී වලින් 15.1% ක් ගන්න අපි හැමොටම ලොකු කැපකිරීමක් කරන්න වෙයි. ඒක මේ වෙලාවෙ රාජ්‍ය නායකයාගේ ඉදන් වෙනවා, ඒ ඔබ ඔබේ හර්ද සාක්ශිය දන්නවා

මේ ආදායම් ප්‍රමාණ එකතු කරගන්න බදු දැල පුළුල් කරන්න ඕනේ, බදු සාධාරණත්වය බේරගන්න ඕනේ..

මේ රටේ හැරවුමක් වෙන මොහොත, ඩිජිටල්කරණට රු බි 20ක් වෙන් කරල තියනවා. පරණ පව් ලෙස දැවැන්ත රාජ්‍ය සේවයක්, පාඩු කල ගුවන් සමාගමක් බේරගන්න තිබෙනවා 

මේ ගමන එකට ගියොත් ඉදිරියට රාජ්‍ය සේවය කාර්‍ය්ක්ෂම වෙයි, වියදම් අඩු වෙයි, වක්‍ර බදු අඩු වෙයි, අපිට කැමති ක්ශේත්‍ර වලට බදු සහන දෙන්න පුලුවන් වෙයි. නමුත් දැන් අපි යන්නෙ IMF වැඩසටහන ඇතුලේ. බදු එකතු කිරිමේ දැල පුළුල්කරල, පැහැර හැරීම් අඩු කරලා සමස්ත බදු බර අඩු කරගමු

වංචාව දූශිණය නවත්වන්න මොන හෝ ක්ශේත්‍රයක ඉහල ආදායම් ගන්න ඔබ බදු ලිපිගොනු ආරම්භ කරන්න. ඔබේ ආදායම් වියදම් දාල සාදාරණව බදු ගෙවමු.

රටක් ලෙස හිතමු,

උපුටා ගැනීම අවසන්

එසේම උණ්ඩියල් ක්‍රමවේදය මහ බැංකුවේ ලියාපදිංචි කළ යුතු බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ වැඩි දුරටත් පවසා තිබෙනවා. 











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu