අලුත් අවුරුද්දට සහනදායී බඩු මල්ලක්


ළඹෙන සිංහල සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලංකා සතොස මඟින් සහනදායී බඩු මල්ලක් ලබා දීමට රජය විසින් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් වෙළඳ ,වාණිජ, ආහාර සුරක්ෂිත නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන  පාර්ලිමේන්තුවේදී( 2025/02/18)සිදු කළ ප්‍රකාශය පහතින්. 

" අපේ රටේ දුප්පත් ජනතාව දුප්පත් ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. අන්න ඒ ජනතාවට එලඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සහනදායී බඩුමල්ලක් ලබා දීම වෙනුවෙන් ප්‍රතිපාදන මුදලක් වෙන් කර තිබෙනවා. 

එම සහනදායී බඩු මල්ල සඳහා හාල් කිලෝ 10ක්, සීනි කිලෝ 5ක්, පරිප්පු කිලෝ 2ක්, බී ළූනු කිලෝ 2ක් අල කිලෝ 5ක්, සැමන් ටින් 3, හාල්මැස්සො රුපියල් 1000ක, කුළුබඩු ඇතුළු පාර්සලක් අඩංගුවනවා. එම බඩු මල්ල රුපියල් 10,000කට ලබා දීමට අපි කටයුතු කරනවා. 

ලංකා සතොස හරහා මෙම බඩු මල්ල ඕනෑම කෙනෙක්ට ගන්න පුළුවන්. රුපියල් 15,000ක් පමණ වටින බඩු මල්ලක් තමා රුපියල් 10,000කට දෙන්න කටයුතු කරන්නෙ"



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu