පෙබරවාරි 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ ප්‍රමුඛතම පිටි නිෂ්පාදකයින් වන සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් විසින් පාන් පිටි කිලෝවල මිල රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
මීට අමතරව පාන්පිටි මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා දීම සඳහා පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට ද බේකරි සංගමය විසින් එකඟතාවය පළ කර ඇති බවයි වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.