ගණේමුල්ලේ සංජීව සහ මොහොමඩ් අසාම් ෂෙරිල්ඩීන්


ලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 5 අධිකරණ ශාලාව තුළ විත්ති කුඩූවේ දී ගනේමුල්ලේ සංජීව නම් පාතාල නායකයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මහත් ආන්දෝලනයක් මතුව තිබෙනවා. 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ 9 වැනි මැදිරියේ ගනේමුල්ලේ සංජීවට අදාළ නඩුව කැඳවීමට නියමිතව තිබුණත් එහි විනිසුරුවරයා පැමිණ නොසිටි බැවින් ඔහුව අංක පහ අධිකරණයේ පවතින නඩු 02 ක් සදහා යොමුකිරීමටයි කටයුතු කර ඇත්තේ. 

එම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු පිළිබඳව මේ වන විට කරුණු ‍රැසක් අනාවරණය කර ගෙන ඇති බව වාර්තා වනවා. 34 හැවිරිදි සැකකරු කමාන්ඩෝ බලකායේ හිටපු සෙබලෙකු බවයි පැවසෙන්නේ. 

මෙම සැකකරු නම් කිහිපයකින් පෙනී සිටි පුද්ගලයෙක් වන බවත් මේ ඔහු සතුව හැඳුනුම්පත් කිහිපයක් ද තිබෙන බවටත් තොරතුරු හෙලිව ඇති බව සඳහන්. මොහොමඩ් අසාම් ෂෙරිල්ඩීන් යන නමින්ද, සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි යන නමින්ද පෙනී සිට ඇති මොහු ඝාතනය සිදු කරන අවස්ථාවේ දී නීතිඥවරයෙකු වශයෙන් පෙනී සිටින විට කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යන නම භාවිතා කර තිබෙනවා. 

වෙඩික්කරු පසුගිය 07 වන දින ගල්කිස්ස ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කල පුද්ගලයාම බව හඳුනාගෙන තිබෙන බව සඳහන්. 

ගණේමුල්ලේ සංජීව නම් අපරාධ කල්ලි නායකයා ඝාතනය සිදු කර ඇත්තේ රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවකට බවයි මේ වන විට තොරතුරු අනාවරණය කර ගෙන ඇත්තේ. 

ඩුබාහි සිට පුද්ගලයෙකු විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති අතර එහි අත්තිකාරම් මුදල ලෙස ලක්ෂ දෙකක මුදලක් ලබා දී තිබෙනවා. ඝාතනය සිදු කල පුද්ගලයා දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී ඇති අයෙක් බවත් ඔහු ඊට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මෙවන් ආකාරයේ පාතාල කටයුතුවලට සම්බන්ධ වී ඇති බවටත් මේ වන විට තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා. 

ඝාතනනයෙන් අනතුරුව ඝාතකයා කල්පිටිය ප්‍රදේශයෙන් මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලා යාමට සූදානමින් සිටිය දී ලද තොරතුරු මත පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට ගනු ලැබුවා. 

ගණේමුල්ලේ සංජීව ඝාතනයට සහාය ලබා දී ඇත්තේ නීතිඥවරියක් ලෙස වෙස් වලාගත් කාන්තාවක්. එම කාන්තාව අපරාධ නඩු විධාන සංග්‍රහයේ සූක්ෂම ලෙස රිවෝල්වර් ගිනි අවිය සඟවාගෙන පැමිණ තිබුණා. මීගමුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ඇය ඉෂාරා සෙව්වන්දි නම් තැනැත්තියක්. නීතිඥවරයෙකු ලෙස වෙස් වලාගත් ඝාතකයා හිස් අතින් අධිකරණ භූමියට පැමිණ ඉන්පසු එම කාන්තාවගෙන් ගිනි අවිය ලබාගෙන ඇති බවටයි තොරතුරු අනාවරණය කර ගෙන තිබෙන්නේ. 

ඝාතනයට ලක් වූ ගණේමුල්ලේ සංජීව කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වූයේ 2023 සැප්තැම්බර් 13 වන දාය. ඒ ව්‍යාජ නමකින් පෙනී සිටි අවස්ථාවකදීයි. 

2016 මාර්තු මාසයේ බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට T56 ගිනිඅවියකින් වෙඩි තබා බන්ධනාගාර නිලධාරින් ඝාතනය කිරීමට තැත් කිරීම, එම බස් රථයේ ගමන් කල දෙමටගොඩ චමින්ද නමැති සැකකරුවෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම, 2018 සැප්තැම්බර් මාසයේ T56 ගිනිඅවියකින් වෙඩි තබා කාන්තාවක ඝාතනය කිරීම සහ ඇගේ වයස අවුරුදු 13ක් වූ දියණියට බරපතළ තුවාල සිදු කිරීම, 2018 වසරේදී අම්පේගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දීම, 2016.12.24 වන දා වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම, 2017.04.08 වන දා ගම්පහ පොලිස් වසමේදී ස්වයංක්‍රීය ගිනිඅවියක් යොදා ගනිමින් මනුෂ්‍ය ඝාතානයක් සිදු කිරීමට තැත් කිරීම, 2019 ජූනි මාසයේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, ඔහුට එරෙහිව පවතින ඝාතන චෝදන වනවා.

එසේම මුදල් කොල්ලකෑ, මත්ද්‍රවය ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් ද ගණේමුල්ල සංජීව චෝදනා ලැබ තිබුණා. 2013 වසරේ හෙරොයින් මිලිග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට පත්වීම, 2010 සැප්තැම්බර් මාසයේදී රුපියල් හය කෝටි තිස් දෙලක්ෂ අසූ හතර දාස් පන්සියයක් කොල්ලකෑමට ආධාර අනුබල දීම, 2009.02.16 වන දා රුපියල් 75,000ක් කොල්ලකෑම සම්බන්ධ චෝදනා, 2017 ඔක්තෝබර් මාසයේදී T56 ගිනිඅවි තුනක් සහ පතුරම් ගැබ් 7ක් මෙන් ම උණ්ඩ 168ක් සන්තකයේ තබා ගැනීම ආදිය ඔහුට එරෙහි චෝදනා වනවා. 








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu