තෝරාගත් භාණ්ඩ වර්ග 63ක් සඳහා මෙතෙක් පැවති බදු අනුප්‍රමාණයන් සංශෝධනයකින් තොරව එලෙසම පවත්වා ගැනීමට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වඩාත් සරල සහ විනිවිදභාවයකින් යුත් බදු ක්‍රමයක් පවත්වා ගැනීමේ අරමුණින් 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් භාණ්ඩ වර්ග 63ක් ආනයනය කිරීමේ දී මෙතෙක් පවත්වාගෙන යමින් සිටින විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, පැවති බදු අනුප්‍රමාණයන් යටතේම, එකී භාණ්ස මත සංශෝධනය මිරීමකින් තොරව, 2025 ජනවාරි මස 31 දින සිට ඉදිරියටත් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා 2024 දෙසැම්බර් මස 31 දිනැති අංක 2417/20 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, පරිප්පු, සුදු සීනි, අර්තාපල්, ලොකු ළූණු, රතු ළූණු, සුදු ළූණු, පොල්තෙල්, එළවළු තෙල්, ටින් මාළු, වියළි මිරිස් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 63ක් (රෙගු සංකේතාංත 210ක්) සඳහා මෙතෙක් පැවති බදු අනුප්‍රමාණයන් සංශෝධනයකින් තොරව එලෙසම පවත්වා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් පාරිභෝගික ජනතාවට භාණ්ඩ මිල ඉහළයාමක් සිදු නොවනු ඇති.
සහල්, උඳු, මුං ඇට, බඩේ ඉරිඟු, කුරක්කන්, කහ, පළතුරු වර්ග, මාළු සහ කරවල ආදී දේශීය කෘෂි සහ ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පනත යටතේ ක්‍රියාත්මක කරන ලද බදු අනුප්රමාණ එලෙසම පවත්වා ගැනීමට මෙම 2024 දෙසැම්බර් 31 දිනැති අංක 2417 / 20 දරන ගැසට් නිවේදනය මඟින් කටයුතු කර තිබෙනවා.