බස් රථවල අනවශ්‍ය උපාංග ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය


ස් රථවල සවිකර ඇති අනවශ්‍ය උපාංග ගලවා ඉවත් කිරීම මේ දිනවල සමාජයේ වැඩි කතාබහට ලක්වන මාතෘකාවක්. මේ සම්බන්ධයෙන් බස් හිමියන්ගේ නොයෙක් විරෝධතා මතුව තිබෙනවා. 

එම ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා. 

එහිදී තීරණය වී ඇත්තේ බස් රථවල එම අනවශ්‍ය උපාංග ගලවා ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක කාලයක් ලබාදීමටයි. 

ඒ අනුව අදාළ මාස තුනක කාලය තුළ රිය අනතුරුවලට හේතුවන අලංකරණ කොටස් ගලවා ඉවත් කිරීමට උපදෙස් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu