රේගු බද්දෙන් නිදහස් වූ වාහනවලට නැවත රේගු බදු අයකිරීමට ආඥාවක්


රේ
ගු ආඥා පනතේ "අ" උපලේඛනයේ විධිවිධාන යටතේ පවතින ඇමුණුම II හි රෙගු බද්දෙන් නිදහස් භාණ්ඩ ලැයිස්තුව (ආනයන) යටතේ වූ අයිතම අංක 33 මඟින් දැක්වෙන භාණ්ඩවල එම නියමය අද (28) දින සිට ඉවත් කරනු ලබන බවට ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ආඥාවක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව, 87 පරිච්ඡේදය යටතේ දැක්වෙන, 1989 අංක 13 දරණ නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත යටතේ නිෂ්පාදන බද්ද අදාළ වන්නාවූ ආනයනය කරන ලද මෝටර් වාහන, එන්ජින් සවිකල චැසි, බඳ (බොඩි)කැබ්ස් ඇතුළුව වූ වාහන වලට රේගු බදු අයකෙරෙනු ඇති. 

සම්පූර්ණ නිවේදනය පහතින්



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu