සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය හඬපටයක් ගැන නිවේදනයක්


මාජ මාධ්‍ය ඔස්සේ සංසරනය වන අසත්‍ය හඬපටයක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය මඟින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ රජය මඟින් ක්‍රියාත්මක කෙරෙන "Clean Sri Lanka -2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය මඟින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම් දීමයි යනුවෙන්" වූ කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කල අසත්‍ය හඬපටයක්.

පොලිස් ආඥා පනතේ වගන්තියක් සඳහන් කරමින් මහජනතාව විසින් තම නිවසේ ඉදිරිපිට ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් අවධාරණය කර ඇති බවටත් එසේ ක්‍රියා නොකරන පුද්ගලයින්ට එරෙහිව 2025.01.15 වන දිනෙන් පසු නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවටත් එම හඬපටයේ සඳහන් කර තිබෙනවා. 

සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ සංසරණය වන මෙම හඬපටය අසත්‍යක් බවත්, මෙවැනි හඬපටයක් ශ්‍රී ලංකා පොලිසීය විසින් නිකුත් කර නොමැති බවටත් ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා. 

අදාළ හඬපටය නිකුත්කල පුද්ගලයාට එරෙහිව මේ වන විටත් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu