සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ දුර ගමන් සේවා සඳහා නව දුම්රියන් කිහිපයක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන තිබෙනවා.
01. ජනවාරි මස 31 වන දින සිට කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සහ පෙබරවාරි 01 දින සිට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය දිනපතා ධාවනයට එක් කර තිබෙනවා.
- ඒ අනුව, එම දුම්රිය කොළඹ කොටුවෙන් රාත්‍රී 8.00ට පිටත්වී කන්කසන්තුරයට අලුයම 4.35ට ළඟා වීමට නියමිත අතර කන්කසන්තුරයෙන් රාත්‍රී 8.00ට පිටත් වී අලුයම 4.40ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතයි.
02. උඩරට මාර්ගයේ දුම්රිය ගමන විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය වීම, දැඩි ආකර්ශනය සහ එම දුම්රිය ගමන සඳහා පවතින අධික ඉල්ලූම හේතුවෙන් පහත සඳහන් පරිදි නව දුම්රිය සේවාවන් උඩරට මාර්ගයේ ධාවනයට එකතු කර තිබෙනවා.
ELLA ODYSSEY - COLOMBO දුම්රිය
- කොළඹ සිට බදුල්ල දක්වා - පෙබරවාරි 10 සිට සෑම සඳුදා දිනකම
- බදුල්ල සිට කොළඹ දක්වා - පෙබරවාරි 11 දින සිට සෑම අඟහරුවාදා දිනකම
ELLA ODYSSEY - KANDY දුම්රිය මහනුවර සිට දෙමෝදර දක්වා - පෙබරවාරි 01 දින සිට සෑම සති අන්තයකම
- මහනුවරින් පිටත්වීම පෙ.ව 9.45 - දෙමෝදරට ළඟා වීම ප.ව 5.22
- දෙමෝදරින් පිටත්වීම ප.ව 6.00 - මහනුවරට ළඟාවීම මධ්‍යම රාත්‍රී 12.05
ELLA ODYSSEY - NANUOYA දුම්රිය නානුඔය සිට බදුල්ල දක්වා පෙබරවාරි 10 වන දින සිට නව දුම්රියක් ධාවනයට එක් කරන අතර එම දුම්රිය බදුල්ල සිට නානුඔය දක්වා සඳුදා දිනවල හැර සහ නානුඔය සිට බදුල්ල දක්වා අඟහරුවාදා දිනවල හැර ධාවනයට එක් කර තිබෙනවා.
- නානුඔයෙන් පිටත්වීම පෙ.ව 8.10 - බදුල්ලට ළඟාවීම පෙ.ව 11.36
- බදුල්ලෙන් පිටත්වීම ප.ව 1.00 - නානුඔයට ළඟාවීම ප.ව 5.17