ලොස් ඇන්ජලීස්වල හටගත් දරුණුම ලැව් ගින්නේ නවතම තත්ත්වය - PHOTO


මෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දැවැන්ත ලැව් ගින්නක් පැතිර යමින් පවතිනවා. මේ වන විට ඉන් අක්කර 28,000කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

මෙය ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ විශාලම සහ විනාශකාරී ලැව් ගින්න ලෙස ද සඳහන්. මේ වන විට මෙම ලැව් ගින්න, හොලිවුඩ් කඳුකර ප්‍රදේශය දක්වා වේගයෙන් පැතිරෙ යන බවයි වාර්තා වන්නේ. 

අධික සුළං තත්ත්වය හේතුවෙන් ලැව් ගින්න පාලනයකින් තොරව පැතිර යමින් පවතිනවා. මේ වන විට ලැව් ගින්නෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ලැව් ගින්න හේතුවෙන් පුද්ගලයින් 130,000ක අධික ප්‍රමාණයකට එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස බලධාරීන් දැනුම් දී තිබුණා. ලැව්ගිනි ආරම්භ වීමට පෙර, ලොස් ඇන්ජලීස් හි බොහෝ ප්‍රදේශවලට ආන්තික ලැව්ගිනි තත්ත්වයන් පිළිබඳව ජාතික කාලගුණ සේවය සිය ඉහළම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා. 

එසේම මෙම ලැව් ගින්න නිසා එම ප්‍රදේශයේ වායු ගුණාත්මකභාවය ඉතාමත් දරුණු එල්ස පහත වැටී තිබෙන අතර එය ඉන්දියාවේ නවදිල්ලි නුවර පවතින වායු ගුණාත්මකභාවය ද අභිබවා යමින් තිබෙන බව සඳහන්. 

(ඡායාරූප අන්තර්ජාලයෙන්)


























ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu