ලැව් ගින්නෙන් ලොස් ඇන්ජලීස් නුවර සිදු වූ විනාශය - PHOTO


මෙරිකාවේ ලොස් අන්ජලීස් නුවර ඉතිහාසයේ සිදු වූ දරුණුතම ලැව්ගින්න හේතුවෙන් මේ වන විට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ පංදිංචිකරුවන් 100,000ට ආසන්න ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. 

ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විට නිවාස සහ දේපළ 10,000කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. 

ඒ අතර, කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ විනාශකාරී ලැව්ගිනි තුලින් එංගලන්තෙ රාජකීය පවුලේ ඩයනා කුමරියගේ කනිටු පුත් හැරී කුමරුට අයත් ඩොලර් මිලියන 20 ආසන්න අති සුඛෝපභෝගී මන්දිරයද මුලුමනින්ම ගිනිගෙන විනාශ වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් එංගලන්තෙ රාජකීය උරුමයෙන් හැරී කුමරුට උරුම වූ මිලකල නොහැකි ඉතා වටිනා චිත්‍ර, ප්‍රතිමා ලියවිලි හා තවත් බොහෝ දෑ මුලුමනින්ම විනාශ වී තිබෙනවා. 


















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu