ලොස් ඇන්ජලීස් නුවර අලුතෙන් පැතිර යන හියුස් ලැව් ගිනි තත්ත්වය නිසා දහස් ගණන් ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ලැව් ගිනි තත්ත්වය ඇති වීම ආරම්භ වී තිබෙන්නේ ලොස් ඇන්ජලීස් නගරයේ සිට සැතපුම් 40ක් පමණ වයඹ දෙසින් පිහිටි ජලාශයක් වන කැස්ටයික් විල අසලින් බවයි වාර්තා වන්නේ. පසුගිය බදාදා (22) දින හියුස් ලැව්ගින්න ආරම්භ වූ අතර එය වේගයෙන් ව්‍යාප්ත වීම නිසා එම ප්‍රදේශයේ දහස් ගණනක් පදිංචිකරුවන්ට ප්‍රදේශයෙන් ඉවත් වීමට බලධාරීන් නියෝග කර තිබුණා.
මේ වන විට අක්කර 10,000 පමණ ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ගිනි නිවීමේ භටයන් පවසා ඇත්තේ දැඩි සුළං ප්‍රවාහය හේතුවෙන් ගින්න පාලනය කිරීමට දුෂ්කර වී ඇති බවයි. හියුස් ලැව් ගින්න ලොස්ඇන්ජලිස් සිට උතුරු දෙසින් කිලෝමීටර 72 ක ප්‍රදේශයක් පුරා පැතිර යාමේ අවදානමක් පවතින බවයි වැඩි දුරටත් සඳහන් වී ඇත්තේ.
තත්ත්වය එසේ වුවද ලැව් ගිනි තත්ත්වයෙන් 14%ක ප්‍රමාණයක් පාලනය කිරීමේ හැකියාව පවතින බව බලධාරීන් පවසා තිබෙනවා.