වෙළඳපොළෙහි පවතින සහල් හිඟය හේතුවෙන් රජය විසින් පෞද්ගලික අංශ වෙත සහල් ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණා.
එසේ සහල් ආනයනය සඳහා අවසර ලබා දී තිබූ කාලය ලබන 10 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. කිසියම් ව්‍යාපාරිකයෙකු එම කාලයෙන් පසුව සහල් ආනයනය කළහොත් ඒවා යළි හරවා යවන බවයි වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කර ඇත්තේ.
මේ වන විට සහල් ආනයනයට අවසර ලබා දුන් කාලය තුළ පුද්ගලික අංශය විසින් සහල් මෙට්‍රික් ටොන් 75,000ක් ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ. එයින් මෙට්‍රික් ටොන් 32,000ක් කැකුලු සහල් වන අතර මෙට්‍රික් ටොන් 43,000 ක් නාඩු සහල් වනවා.