චීනයේ පැතිරයන වෛරසය ගැන සෞඛ්‍ය අංශයෙන් ප්‍රකාශයක්


යේ (06) දිනයේ දී එච්.එම්.පී.වී වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු පළමුවරට ඉන්දියාවෙන් වාර්තා වීතිබුණා. 

ඉන්දියාවේ බැංගලෝර් නගරයේ රෝහලකින් වාර්තා වූ මෙම රෝගීන් දෙදෙනා මාස 03ක් වයස සහ මාස 08ක් වයසැති බිළිඳුන් දෙදෙනෙක්. 

චීනයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන මෙම වෛරසය ලොව පුරා පැතිරයාමේ තර්ජනයක් එල්ල නොවන බවත්, යම් හෙයකින් එම වෛරසය මෙරටට පැමිණියහොත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට මෙරට සෞඛ්‍ය අංශය සූදානම්ව සිටින බවත් වෛරස් විද්‍යාව පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබෙනවා. 

එම වෛරසය සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇති කර  නොගන්නා ලෙසත් මෙම වෛරසය නව වෛරසයක් නොවන බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu