මේ දිනවල චීනයේ පැතිර යන උණ වසංගතය ගැන කිසිඳු බියක් ඇති කර නොගන්නා ලෙස චීන බලධාරීන් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් පවසා ඇත්තේ පවතින ශීත දේශගුණික තත්ත්වය මත මෙවැනි වෛරස පැතිර යාම සාමාන්‍ය තත්ත්වයක් බවයි.
මේ වන විට රටවල් රැසක් තම පුරවැසියන්ට චීනයේ සංචාරය නොකරන ලෙස දන්වා ඇතත් තම රටට පැමිණෙන විදේශිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සහතික වීමට හැකි බවත් චීනයේ සංචාරය කිරීමේ කිසිදු අවදානමක් නැති බවත් චීන රජය ප්‍රකාශ කර තිබෙනවා.