හිටපු ජනාධිපතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද සහ ප්රතිලාභ කප්පදු කිරීමට අවස්ථාවක් ඇති දැයි සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර තිබුණා.
එම කමිටුව විසින් මේ වන විට කමිටු වාර්තා ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ප්‍රකාරව හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්රතිලාභ කීපයක් කපා දැමිය නොහැකි බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර තිබෙනවා.
නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් නොමැති බවයි ඒ මහතා පවසා ඇත්තේ.
ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට හෝ නොහැකි බව කමිටුව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටින වර්ග අඩි 30,000ක් වන නිවෙස වෙනුවට වෙනත් නිවෙසක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබෙන බවයි සඳහන් වන්නේ.