ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි මිල ඉහළ දැමීමට ලංකා දුම්කොළ සමාගම (CTC) කටයුතු කර තිබෙනවා.
මෙම මිල ඉහළ දැමීම කාණ්ඩ හතරක් යටතේ සිදු කරන අතර මෙසේ මිල සංශෝධනය වීමට හේතුව වී ඇත්තේ සුරාබදු 6%කින් ඉහළ යාමයි.
නවතම මිල වැඩි කිරීමට අනුව දුම්වැටියක් සඳහා මිල රුපියල් 5කින් සහ රුපියල් 10ක් වන ආකාරයට ඉහළ ගොස් තිබෙනවා.