කොවිඩ් වසංගතයෙන් වසර පහකට පසු නැවතත් ලෝකයේ වසංගත බියක් ?


කො
විඩ් 19 වෛරසයට සමාන වෛරසයක් මේ වන විට චීනය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

Human metapneumovirus (HMPV) ලෙස හඳුන්වන මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස පෙන්නුම් කරන්නේ උණ රෝගයයි. 

මෙය දැනටමත් සීඝ්‍රයෙන් චීනය පුරා ව්‍යාප්තවෙමින් පවතින අතර චීනයේ රෝහල් මෙම රෝගීන්ගෙන් පිරී යන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ.  කොවිඩ් 19 ට සමාන රෝග ලක්ෂණ ද මෙම රෝගීන් පෙන්නුම් කරන බව වාර්තා වනවා. 

මේ අතර, මෙම වෛරසය සමබන්ධයෙන් මෙරට සෞඛ්‍ය අංශය දැඩි අවධානය යොමු කර තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් වසර පහකට පසු නැවත පැමිණ ඇති මෙම වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යයනය සිදු කර ඉදිරියේ දී අවශ්‍ය ප්‍රකාශයන් නිකුත් කරන බවයි වසංගත රෝග විද්‍යායතනය පවසා තිබෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu