ක‍ටුනායක ගුවන් තො‍ටුපොළ සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර බස් රථ සේවාවක්


ක‍
ටුනායක ගුවන් තො‍ටුපොළ සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර අද (10) සිට සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබෙනවා. 

මෙම බස් රථ ක‍ටුනායක ගුවන්තො‍ටුපොළ පොලිසීය ඉදිරිපිටින් ගමන් ආරම්භ කරන අතර ක‍ටුනායක සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා ගමන් කිරීමට එක් පුද්ගලයෙකුගෙන් අය කරන ගාස්තුව රුපියල් 450ක්.

මෙම බස් රථ සේවාවේ දිනකට ගමන්වාර 10ක් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu