පවතින අවදානම් තත්ත්වය නොසලකා හරිමින් තරඟකාරීත්වය නිසා කොන්දොස්තරවරුන් පාපුවරුවේ ගමන් කරමින් මඟීන් බස් රථයට නංවා ගැනීමට කටයුතු කරන ආකාරය දක්නට ලැබෙන සුලබ සිද්ධියක්.
මින් ඉදිරියට බස් රථ ධාවනය කිරීමේ දී කොන්දොස්තරවයාට පාපුවරුවේ ගමන් කිරීම තහනම් බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසා තිබෙනවා.
එසේ පාපුවරුවේ ගමන් කරන කොන්දොස්තරවරුන්ට නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු පවසා ඇත්තේ.