පෙර දිනය තුළ, බොහෝ නාගරික ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය (SL AQI) සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවති අතර වවුනියාව, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර, ඇඹිලිපිටිය, බදුල්ල, ත්‍රිකුණාමලය, මුලතිවු, කළුතර හා මොණරාගල යන නගරවල මධ්‍යස්ථ මට්ටමක පැවතුණා.
පවතින කාලගුණික තත්ත්වය මත අද දිනය තුළ වායුගුණ තත්ත්ව දර්ශකය 44-72 ත් අතර අගයක දිනය පුරාම පැවතිය හැකි බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමකද, නුවරඑළිය නගරයෙහි පමණක් යහපත් මට්ටමකද පැවතිය හැකි බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
වායුගුණ තත්ත්ව දර්ශකයේ (SL AQI) උපරිම මට්ටම පෙ ව 7.30 සිට පෙ ව 8.30 දක්වා ද ප ව 1.00 සිට ප.ව 2.00 දක්වා ද බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සඳහන්.