HMPV වෛරසය ගැන සෞඛ්‍ය බලධාරීන්ගෙන් ප්‍රකාශයක්


තුරු චීනයේ, විශේෂයෙන්ම ළමුන් අතර ශ්වසන රෝග වල වැඩි වීමක් මේ වන විට පෙන්නුම් කරනවා. චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන අන්දමට මෙම රෝගී තත්වයන්ට හේතුව වී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා (Influenza), රෙස්පිරේටරි සින්සිටියල් වෛරසය (Respiratory Syncytial Virus- RSV) සහ මානව මෙටානියුමෝ (Human Metapneumovirus - HMPV) වෛරසයයි.  

මෙම වෛරසයන් හඳුනාගත් සාමාන්‍ය ශ්වසන රෝග වෛරසයන් ලෙස චීන බලධාරීන් පවසනවා. මෙහිදී නව හෝ අසාමාන්‍ය ව්‍යාධිජනකයන් හඳුනාගෙන නොමැති වීම වැදගත් කරුණක් ලෙසයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. 

මෙවැනි තත්වයක් අනපේක්ෂිත නොවන බවත්, අනෙකුත් රටවල නිරීක්ෂණය කරන ලද රටාවන්ට මම තත්වය සමාන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කර තිබෙනවා. එසේම වත්මන් ශ්වසන රෝග රැල්ල පෙර වසරවලට වඩා අඩු මට්ටමක පවතින බවත්, රෝහල් රෝගීන් ඵලදායී ලෙස කළමනාකරණය කරන බවත් චීන බලධාරීහු සහතික කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

චීනයේ නැවතත් මෙවැනි රෝගයක් පැතිර යන්නේ කොවිඩ් 19 වසංගතයෙන් වසර 05කට පසුවයි. මේ වනවිට මෙම රෝගය වැළඳීමෙන් එරට රෝහල් පිරී තිබෙන අතර චීන රජය එරටට හදිසි තත්ත්වයක් පනවා ඇත්තේ HMPV වෛරසය වැළඳුණු බොහෝ පිරිස් ජීවිතක්ෂයට පත් වීමත් සමගයි. 

HMPV වෛරසය වැළඳුණු පුද්ගලයෙකුට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, කිවිසුම් යාම, නාසය හිරවීම, උගුර වණවීම, ශ්වසන අපහසුතා ඇති වීම දැකිය හැකියි.

මෙම රෝග ලක්ෂණ සාමාන්‍ය පුද්ගලයෙකුට දින 03-06ත් අතර කාලයක් රඳා පවතින බව ද වෛද්‍ය අංශ පවසනවා.

HMPV රෝගයේ සංකූලතා ලෙස ඇතැම් පුද්ගලයින්ට බ්‍රොන්කයිටීස්, නියුමෝනියාව, ඇදුම හෝ දැවිල්ල, කන් ආසාදන ඇති විය හැකියි.

මෙම වෛරසය පැතිරීම පාලනය කිරීමට අවම වශයෙන් තත්ත්පර 20ක් විෂබීජ නාශක දියර යොදා පිරිසිදු වතුරෙන් අත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, නිරතුරුව ඇස්, නාසය ස්පර්ශ කිරීමෙන් වැළකීම සහ ආසාත්මික රෝග ඇති අය සමීපයේ ගැවසීමෙන් වැළකීම ප්‍රධාන කරුණු වනවා. 

තමන්ට අසනීපයක් ඇත්නම් ස්වයං නිරෝධායනයක් සුදුසු බව ද සෞඛ්‍ය අංශ පවසනවා. මෙම වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවල ද දැඩි අවධානය යොමුව තිබෙනවා. 

මෙම වෛරසය ආසාදිත වූවන් මහනුවර ප්‍රදේශයෙන් ද හමුවී ඇති බව වාර්තා වුණා. කෙසේ වෙතත් අදාළ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙම වෛරසයට බිය නොවිය යුතු බවයි. එසේම මෙම වෛරසය සාමාන්‍ය වෛරසයක් ලෙස ලොව පුරා පවතින බවද වෛද්‍ය අංශ පවසනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu