දෙසැම්බර් මස පළමු වැනිදාට (01)යෙදී තිබෙන ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් පවත්වනු ලබන 36 වන ඒඩ්ස් දින ජාතික සැමරුම් උත්සවය ඊයේ (01) පෙරවරුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
“අයිතීන් සුරකිමු - ඒඩ්ස් නවතමු” යන්න තේමා කර ගනිමින් මෙවර සැමරුම් උළෙල සංවිධානය කර තිබුණා.
මෙම සැමරුම් උළෙලට සමගාමීව පාගමනක්, ඒස්ඩ් රෝගය රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්,
රෝගය පාලනය සහ ඊට අදාළව කටයුතු කරන පාර්ශවයන් සඳහා 'කොන්ඩම් ඩිස්පෙන්සර්ස්' බෙදා දීම මෙන්ම පාගමනේ ආරම්භය සංකේතවත් කරමින් ගෑස් බැලුන් උඩ යැවීමේ වැඩසටහනක් ද සිදු කරනු ලැබුවා.