පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට අදාළව සීමා පනවමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
පාසල් කාලය තුළ දී මුදල් අය කරමින් තම පාසලේ සිසුන් සදහා පෞද්ගලික පන්තිවල ඉගැන්වීම තහනම් බවයි එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ.
එසේම මෙම චක්‍රලේඛය මඟින් පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත නිවාඩු දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල ද විවිධ බාහිර ස්ථානවල මුදල් අය කර තම පාසලේ සිසුන්ට අමතර පන්ති පැවැත්වීම ද තහනම් කර තිබෙනවා.
මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අධ්‍යාපන අමාත්‍යාංශ මගින් මීට පෙර මෙලෙස චක්‍රලේඛ නිකුත් කර තිබුණා.