අනීතික ලෙස ලංකාවෙන් පිටතට ගෙන ගිය මුදල් සෙවීමට අමෙරිකාවෙන් සහාය


ත්මන් රජය ගෙනයන දූෂණ විරෝධී වැඩපිළිවෙළට නිසා ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙන ඒමට අදාළව රජය ගෙන යන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු (Donald lu) මහතා එකඟ වී තිබෙනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ(07)  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දීයි. 

ශ්‍රී ලංකාවේ දූෂණ සහ නාස්ති කිරීම් සම්බන්ධයෙන් දේශපාලන සංස්කෘතිය සෘජුව බලපා තිබෙන බවත් නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම තුළින් දූෂණය සහ නාස්ති අවම කිරීමට කටයුතු කරමින් සිටින බවත් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සිදුකර තිබෙන අනීතික ක්‍රියාකාරකම්  සොයා බලා එම පරීක්ෂණ වේගවත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විටත් ගෙන ඇති බවති මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu