රථවාහන රාජකාරියේ නිරතවන නිලධාරීන් රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීමේ දී ක්‍රියාකලයුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්.
"රථවාහන රාජකාරි නිලධාරීන් රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේදී බොහෝ අවස්ථාවලදී විවිධ ආකාරයේ විදුලි පන්දම් භාවිතා කිරීම තුළින් එම විදුලි පන්දම් ආලෝකය රියදුරන්ගේ මුහුණට වැදීම හේතුවෙන්, ඇතැම් අවස්ථාවල රථය හැසරවීමට සහ පාලනය කිරීමට ඇතිවන අපහසුතාවය මෙන්ම එමඟින් අනතුරු සිදුවීමට ඇති හැකියාවත්, ආලෝක පරාවර්තන ජැකට් පැළඳ නොසිටීම තුළින් නිලධාරීන් අනතුරට පත් වීමේ අවකාශය වැඩි බවටත් නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව, මින් ඉදිරියට රථවාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් මින් පෙර උපදෙස් ලබා දී ඇති පරිදි රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේ දී, අදාළ නිලධාරියා රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සීටිමටත්, රථවාහන නැවැත්වීම සඳහා මේ වන විට පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිතා කිරීමටත් වැඩබලන පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත.
තවද රාත්‍රී රාජකාරී යොදවන නිලධාරීන් එසේ ක්‍රියාකරන්නේ ද යන්න නිරන්තරවම අධීක්ෂණය කරන ලෙසට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් වෙත වැඩබලන පොලිස්පතිතුමා විසින් වැඩි දුරටත් උපදෙස් ලබා දී ඇත."