ආනයන සීමා ලිහිල් වීමත් සමඟම ටොයෝටා ලංකා සමාගම සිය පළමු වාහන ප්‍රමාණය මෙරටට ගෙන්වයි


ටො
යෝටා ලංකා සමාගම තම පළමු වාහන ප්‍රමාණය මෙරටට ගෙන්වා තිබෙනවා. ඒ අදියර වශයෙන් වාහන ආනයනය සීමා ලිහිල් කිරීමට රජය විසින් ගත් තීරණය අනුවයි. 

මෙරට පැවති අර්බුදකාරී තත්ත්වය හමුවේ වාහන ආනයනයට සීමා පැනවීමත් සමඟම වාහන ආනයනය කිරීම අඩාල වී තිබුණා. නමුත් මේ වන විට ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පැවතීමත්, විදේශ විනිමය සංචිත යළි ඉහළ යාමත් හමුවේ නැවත එම ආනයන සීමා ලිහිල් කරමින් අදියර වශයෙන් වාහන ආනයනය කිරීමට රජය තීරණය කළා. 

ඒ අනුව, ටොයෝටා ලංකා සමාගම සංචාරක කර්මාන්තයට යොදා ගැනෙන බස් රථ සහ වෑන් රථ 26ක් මෙරටට ආනයනය කර ඇති බව සඳහන් වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu