2024 වසරේ දී විසි ලක්ෂ සංචාරකාය ද පසුගිය 26 වන දින මෙරටට පැමිණ තිබුණා.
මෙය වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වන අවස්ථාව වන අතර මීට පෙර ලක්ෂ 20 ඉක්මවා තිබුණේ 2016, 2017 සහ 2018 වසරවලදී පමණයි. 2018 වසරින් පසුව වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වන්නේ මේ වසරේදීයි.
දෙසැම්බර් මාසයේ පළමු දින 26 තුළ සංචාරකයින් 195,127ක් පැමිණ ඇති අතර දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රිය වන විට සංචාරකයින් 250,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මීට පෙර සංචාරකයින් 250,000 ඉක්මවා තිබුණේ 2019 පෙබරවාරි මාසයේ පමණි. (ඒ 252,033කි)
පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ආර්ථික ඇබුදය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටුණු අතර නව රජය පත් වීමෙන් පසුව සංචාරක කර්මාන්තයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා.
විදේශ සංචාරකයින් මුහුණ දුන් ඔන්ලයින් වීසා ගැටළු විසඳීම, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව සංචාරක සේවා සපයන්නන් මුහුණ පෑ ගටළු කඩිනමින් විසඳීමටත් වත්මන් රජය පියවර ගෙන තිබුණා. ඒ අනුව ඉකුත් මාස 3ක කාලය තුළ පමණක් සංචාරකයන් 515,192ක් මෙරටට පැමිණ තිබෙනවා.
2025 වසරේ දී සංචාරකයින් ලක්ෂ 30ක් මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණින් රටවල් 39කට නොමිලේ වීසා පහසුකම් ලබා දීමටත් නව රජය කටයුතු කර තිබෙනවා.