බාලවයස්කාර දරුවන් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක්


මරිකාවේ "නෙක්මැක්" ආයතනය හෙළි කරගෙන ඇති නවතම තොරතුරුවලට අනුව මෙරට බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට තොරතුරු හෙළිවී තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඊයේ (10) පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබෙනවා. 

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කියා තිබෙන්නේ මෙම  "නෙක්මැක්" නැමැති අන්තර්ජාල ආයතනය ලෝකයේ රටවල් අටක සාමාජිකයන් ලෙස බැඳී ඇති බවත් එලෙස සාමාජිකත්වය ලබා ගෙන ඇති රටවල දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ මුදා හැරීම සම්බන්ධයෙන් ඔවුන් නිරන්තරයෙන් සොයා බලන බවත් ය. 

මේ වන විට මේ සම්බන්ධයෙන් පැමිණිලි ‍රැසක් තම කාර්යාංශයට ලැබී ඇති නමුත් එම සිද්ධීන්ට අදාළව කිසිදු වින්දිත දරුවෙක් මේ වෙන තෙක් සොයාගෙන නොමැති  බව එම කාර්යාංශය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවුණා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu