කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (06) පවසා ඇත්තේ ලබන වසරේ සිට පාසැල් සිසුන්ට ලබ දෙන නිල ඇඳුම් රෙදි වෙනුවට මසා නිම කළ නිල ඇඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.
නිල ඇඳුම් රෙදි ලබා දීමේ දී විශාල රෙදි ප්‍රමාණයක් අපතේ යන බැවින් මෙම තීරණය ගන්නා බවයි අමාත්‍යවරයා ප්‍රකාශ ඇත්තේ.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමිනුයි.