පොත්පත් ඇතුළු පාසැල් උපකරණවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එයට හේතුව ලෙස ඔහු පවසන්නේ රජය ගතයුතු ක්‍රියාමාර්ග නිසි වේලාවට නොගැනීම බවයි.
ලබන් වසරේ ජනවාරි 02 වන දින් ආරම්භවන නව පාසැල් වාරය සඳහා අලුතින් පොත් ලබා ගැනීමට මේ දිනවල දැඩි උනන්දුවක් පවතිනවා. රජය විසින් අඩු ආදායම් ලාභී පවුල්වලට පාසැල් උපකරණ ලබා දීම සඳහා රුපියල් 6000ක දීමනාවක් ලබා දී තිබෙනවා.
නමුත් දෙමාපියන් පවසන්නේ තෝරාගත් පිරිසකට පමණක් එලෙස මුදල් ලබා දීම අසාධාරණ බවයි.
එලෙස සිසුන් සිසුන් වර්ගීකරණය නොකර සියළුම සිසුන් සඳහා රුපියල් 6000ක පාසැල් උපකරණ දීමනාව ලබා දෙන ලෙස සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා රජයෙන් ඉල්ලා සිටිනවා.
ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්