ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බලශක්ති අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධිත ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ඊයේ (05) ජනාධිපතිකාර්යාලයේ දී පැවැත්වුණා.
මෙහිදී විශේෂ අවධානය යොමු වුණේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳවයි. සූර්ය පැනල ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා.
මේ වන විටත් ගිවිසුම්ගතව ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කරන ලෙසත් ඒ අනුව ඵලදායී ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන ලෙසත් මෙහිදී ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම ගිවිසුම්ගතව තිබුවද අකාර්යක්ෂම ව්‍යාපෘති ඇත්නම් ඊට අදාළ නිසි පියවර ගන්නා ලෙසද මෙහිදී බලධාරීන් දැනුවත් කර තිබෙනවා.