තව දුරටත් වැසි සහිත කාලගුණික තත්ත්වයක්


නි
රිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින දෙක තුළදී උතුරු තමිල්නාඩු සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. 

එසේම නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් නැගෙනහිර සහ ඌව පළාත්වලත් සවස් කාලයේ හෝ  රාත්‍රී කාලයේ තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu