නැගෙනහිර තරංගකාරී කැළඹිලි ස්වභාවයක් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වය කෙරෙහි බලපෑම් ඇති කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 වන දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙනවා. මේ සමඟම දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වයක් ද ක්‍රමයෙන් ස්ථාපිත වීමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.