ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යනවිට ඔහු 80වන වියේ පසු වූවා. 1954 ඔක්තෝබර් 27 වැනි දින ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය ප්‍රදේශයේ උඩරට මධ්‍යම පාන්තික පවුලක ප්‍රියදර්ශ සූරියසේන ලියනගේ උපත ලැබුවා. කවියෙකු වූ එම්. එල්.ඩී ජෙමිස් ලියනගේ සහ ඒ.එම්.පොඩි මැණිකේ යන අයගේ එකම පුත්‍රයා ලෙස උපත ලැබූ ප්‍රියා සූරියසේන මහතා නාත්තන්ඩිය ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවා. ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයෙන් අපොස සා/පෙළ සහ උ/පෙළ සම්පූර්ණ කලා.
1978 දී ඔහු සංගීත ගුරුවරියක් වූ තමරා කුමාරි වීරසිංහ සමඟ විවාහ වූවා. ඔවුන් දෙදෙනාට ක් පුතෙකු සහ දියණියන් තිදෙනෙකු සිටිනවා.
1968 සිට 1971 දක්වා උසස් පෙළට පසුව ඔහු ‘හේවුඩ්’ රජයේ සංගීත විද්‍යාලයෙන් පවත්වන බාහිර විභාගවලට පෙනී සිට සංගීතය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගත්තා. සූරියසේන ශිෂ්‍යයෙකු ලෙස යුනෙස්කෝ කුසලතා තරඟය වැනි සංගීත වැඩසටහන් වලට සහභාගී වීමෙන් පසු ත්‍යාග කිහිපයක් දිනා ගත් අතර එහිදී ඔහු එම තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තා. සූරියසේන 1971 දී කැලණිය ගුරුකුල විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කලා. සර 10ක පමණ ගුරු සේවයෙන් පසු ඔහු ගුරු වෘත්තියෙන් සමුගත්තේ තම සංගීත දිවියට මුල් තැන දෙමින්.