පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර සම්බන්ධයෙන් තීරණයක්


පා
ර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආහාර බිල වැඩි කිරීමට රජයේ අවධානය යොමුව පවතිනවා. පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉදිරියේ දී ‍රැස්වී මේ පිළිබඳව අවසාන තීරණය ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ. 

මේ වන ඉට මන්ත්‍රීවරුන්ගේ ආහාර බිල පැරණි මිල ගණන් යටතේම පවතින බැවින් වර්තමාන වෙළඳපොලේ භාණ්ඩ මිලට ගලපා එම බිල සකස් කිරීමට නියමිතව තිබෙනවා. 

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව දූපතක පිහිටීම සහ ආරක්ෂාව සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු සේවකයින්ට පිටතින් ආහාර පාන ‍රැගෙන ඒම අපහසු බැවින් පාර්ලිමේන්තු සේවකයින්ගේ ආහාරවේල පවතින පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාමට ද අදහස් කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu