පසුගිය රජය සමයේ හිතුමතේ පත් කර ඇතැයි කියන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.මෙලෙස හිතුමතේ ප්‍රදර්ශනාත්මක අරමුණින් කමිටු පත් කිරීම හේතුවෙන් විශාල මුදලක් නාස්ති වී ඇතැයි රජයට පෙනී යාමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.
පාර්ලිමේන්තු කමිටු විධිමත් ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කර ඊට අදාළ යෝජනා ජනවාරි 31 වෙනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අදාළ නිලධාරීන්ට දැනටමත් නියෝග කර තිබෙනවා. මේ අනුව විශේෂයෙන්ම ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තු සංසද පිහිටුවීමේ ක්‍රමවේදය ඉතා කඩිනමින් වෙනස් කෙරෙනු ඇතැයි පැවසෙනවා.
මේ අතර පාර්ලිමේන්තු කමිටුවල නිර්දේශ නොපමාව ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙන යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට ද රජයේ අවධානය යොමු වී තිබෙනවා.