මේ දිනවල සමාජයේ බහුලව කතාබහට ලක්වන්නේ සමාජයම හිරිහැරයක් වී ඇති රිලා ප්රශ්නයයි. මෙලෙස වගා හානි සිදු කරමින් ජන ජීවිතයට බාධාවක් වී ඇති රිලවුන් ගහණය පාලනය සඳහා ඔවුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉහළ හරස්ගම ප්‍රදේශයෙන්. ඊයේ (12) දින ආරම්භ වූ මෙම වැඩසටහනට ප්‍රදේශවාසීන්, පශු වෛද්‍යවරුන් මෙන්ම කෘෂිකර්ම නිලධාරීන්ද සහභාගී වී තිබෙනවා.
මෙම වැඩසටහනේදී සිදුවන්නේ ආහාර සහිත උගුල් කිහිපයක් යොදාගනිමින් රිලවුන් අල්ලා ගෙන ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් එදි දී රිලවුන් වන්ධ්‍යාකරණයට ලක් කිරීමයි. වන්ධ්යකරනයෙන් පසු නැවත එම රිලවුන් එම ප්‍රදේශවලටම මුදා හැරීමට නියමිතයි.