පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පළාත් පාලන මැතිරවණය ව්‍යවස්ථානුකූල කටයුතුවලට බාධාවක් නොවන පරිදි හැකි ඉක්මනින් පවත්වන ලෙස නියෝගයක් ලබා දී තිබූවත් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණයට දින නියම කිරීම කල් ගිය බව සභාපතිවරයා පවස සිටිනවා. එසේම දෙසැම්බර් මස පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය හේතුවෙන් මෙම මසද දිනයක් තීරණය කිරීමට නොහැකි බවත් සභාපතිවරයා වැඩි දුරටත් පවසනවා. විභාගය පැවැත්වෙන කාල වකවානුවේදී මැතිවරණ දිනයක් ප්‍රකාශ කලහොත් ගම් මට්ටමේ සිටින අපේක්ෂකයින් සිය ප්‍රචාරන කටයුතු ආරම්භ කිරීම සිදු කරන බැවින් එය විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට බාධාවක් වන බවයි සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.
එසේම මේ අවස්ථාව වන විට 2023 ලබාගත් පැරණි නාමයෝජනා අවලංගු කර අලුත් නාමයෝජනා ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් ඒ සඳහා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමට තීරණය වී ඇති බවත් සභාපතිවරයා පවසනවා. එසේම වයස 18 සම්පූර්ණ වුණු පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සහ ඡන්දය ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත් වී තිබෙන බව ද සභාපතිවරයා වැඩි දුරටත් පවසනවා.
ඒ අනුව, මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගෙන නීතිපතිවරයාගෙ ද උපදෙස් ලබාගෙන හැකිතාක් ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම සිදු කිරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා සිටින්නේ.