හඳුනා නොගත් උණ රෝගකයින් යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙක් මිය යාම හේතුවෙන් එම රෝගීන්ගෙන් ලබාගත් සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා.
මෙම සාම්පල පරීක්ෂාවේ දී එයින් කිහිපයකම මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් වෛරසය පවතින බවට තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණි දබරේරා අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පවසා සිටියා.
මෙලෙස රෝගීන් කිහිප දෙනෙකුගේ සාම්පල් නියැදි මී උණ ලෙස තහවුරු කරගෙන ඇති බවත් අනෙකුත් සාම්පල සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදු කරමින් පවතින බවත් වෛද්‍යතුමිය එහිදී වැඩි දුරටත් පවසා සිටියා.