උණ රෝගයක් හේතුවෙන් කොංගෝ රාජ්‍යයේ පුද්ගලයින් 79 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම උණ රෝගය මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ. වයස අවුරුදු 15-19 අතර පුද්ගලයින් මෙම උණ රෝගයට වැඩි වශයෙන් ගොඳුරු වී තිබෙනවා. තවත් තුන්සීයකට අධික පිරිසක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවනවා.