සහල් ආනයනය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක්


වෙ
ළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය අතර හමුවක් ඊයේ (11) වෙළඳ අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා. 

එම සාකච්ඡාවේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය විසින් ඉල්ලා ඇත්තේ ආනයනික සහල් සඳහා අය කරන බද්ද අඩු කිරීමට හෝ සහල් මිල වැඩි කිරීමට යි. එහිදී අමාත්‍යවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ නිසා සහල් ආනයනය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. 

මෙම තත්ත්වය හමුවේ සහල් ආනයනය කළ නොහැකි බවයි ආනයනකරුවන් අමාත්‍යවරයාට පවසා ඇත්තේ. 

කෙසේ වෙතත් සහල් ආනයනකරුවන් මේ වන විටත් සහල් ඇනවුම් කර මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක් වන නිහාල් සෙනෙවිරත්න පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu