සිල්ලට මත්පැන් විකිණීමේ බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ?


සි
ල්ලරට මත්පැන් විකිණීමේ බලපත්‍ර නිකුත් කිරීම අත් හි‍ටුවීමට පසුගියදා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පියවර ගනු ලැබුවා. 

ඒ පසුගිය වසර කිහිපය තුළ සිල්ලරට මත්පැන් විකිණීමේ බලපත්‍ර නිකුත් කිරීම ගැන සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ ආපන ශාලා සම්බන්ධයෙන් ඇති වී තිබූ මතභේදාත්මක තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින්. 

නමුත් මෙසේ බලපත්‍ර නිකුත් කිරීම අත්හි‍ටුවීම සම්බන්ධයෙන් නැවත සලකා බලා ඇති සුරාබදු දෙපාර්තමේන්තුව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ අදාළ සුරා බදු නිවේදනයන්ට අනුකූලව සපුරාලිය යුතු අනෙකුත් සුදුසුකම් සහිත හෝටල් සහ ආපනශාලා සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්ණායක වලට අනුකූලව සිල්ලරට මත්පැන් විකිණීමේ බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය මත නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu