කිසිදු සුරා බදු බලපත්‍රයක් නැවත දැනුම් දෙන තුරු නිකුත් නොකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.
පසුගිය ජනවාරි 01 වනදා සිට සුරාබදු බලපත්‍ර 361ක් නිකුත් කර ඇති බවත් ඉන් 172ක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දේශපාලන අල්ලස් ලෙස ලබා දී ඇති බවත් සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසා සිටියා. අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ පසුගිය ජනවාරි 01 වැනිදායින් පසු සුරාබදු බලපත්‍ර ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය සභාගත කල අවස්ථාවේ දීයි.