2025 වසරට අයවැය ලේඛනයක් ඉදිරිපත් නොවීම නිසා ඒ සඳහා විසඳුමක් ලෙස 2025 මුල් මාසය කිහිපය සඳහා පමණක් රජයේ වියදම් දැරීම සඳහා අතුරු සම්මත ගිණුමක් පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
එම අතුරු සම්මත ගිණුම සම්මත කර ගැනීමේ විවාදය දෙසැම්බර් 05 සහ 06 යන දිනයන්හි දි පාර්ලිමේන්තු පැවැත් වූ අතර එහිදී ඊයේ (06) දිනයේ දී එය පාර්ලිමේන්තුවේදි ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබෙනවා.
2025 වසරේ මුල් මාස 04 සඳහා රජය විසින් ඉදිරිපත් කර තිබූ මෙම අතුරු සම්මත ගිණුමෙහි ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 2600ක් ලෙසයි සඳහන්ව ඇත්තේ.
රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.