ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන් ගේ වර්ධනයක්


මෙ
රටින් තුරන්ව තිබූ ලාදුරු රෝගය නැවතත් රට තුළ දක්නට ලැබෙන බව පසුගිය කාලවකවනුවේ දී දක්නට ලැබුණා. 

ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත සඳහන් කර ඇත්තේ මෙම වසරේ මුල් මාස 10 තුළදී පමණක් ලාදුරු රෝගීන් 1084 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බවයි. ඉන් 68 දෙනෙකුම ලාදුරු රෝගය තවත් අයෙකුට බෝ කළ හැකි අය බවයි ඇය පවසා සිටින්නේ. 

මේ අතරින් වැඩිම සංඛ්‍යාව වූ 115 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් ද 113 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී තිබෙනවා. 

ලාදුරු රෝගීන් 1500 දෙනෙකු 2023 වසරේ දී මෙරටින් වාර්තා වී ඇති බවයි ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂකතුමිය වැඩි දුරටත් පවසා ඇත්තේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu