ආනයනික පොල්තෙල් කිලෝවක මිල රුපියල් 800 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පොල් මිල ඉහළ යාම හමුවේ පොල්තෙල් නිෂ්පාදනය ද පහළ ගොස් තිබීම හේතුවෙන් මෙලෙස ආනයනික පොල්තෙල් මිල ඉහළ ගොස් ඇති බවයි ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන කැදවුම්කරු පවසන්නේ.
තවමත් පොල් ගෙඩියක් වෙළඳපොළේ අලෙවි වන්නේ රුපියල් 150ත් 200ත් අතර මිලකට වන අතර එවැනි මිලකට පොල් ගෙඩියක් මිලට ගෙන පොල්තෙල් නිෂ්පාදනය කිරීමෙන් ලාබයක් ලැබිය නොහැකි බව දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් පවසනවා.