වාහන ආනයනය ගැන ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්


දිරියේ දී ඩොලර් අර්බුදයකට මුහුණ දීමක් සිදු නොවන බවත් පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තු සැසි වාරය අමතමින් කියා තිබෙනවා. 

මහ බැංකුව සමග දීර්ඝ සාකච්ඡාවක් කොට වාහන ආනයනය සඳහා පිටමං වන ඩොලර් ගැන ඇස්තමේන්තුවක්කර එයින් කොපමණ ප්‍රමාණයක් ආර්ථිකයට ඔරොත්තු දෙන්නේද පිළිබඳව සැලකිල්ලට භාජනය කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 

මෙරට තුළ ආර්ථික උද්දීපනයක් ඇති කිරීමට නම් වාහන වෙළඳපොළ විවෘත කිරීම අනිවාර්යෙන් කලයුතු බව පැවසූ ජනාධිපතිවරයා ඒ පිළිබඳව දැඩි ස්ථාවරයකින් යුක්තව වාහන වෙළඳපොළ විවෘත කිරීමට කටයුතු කරන බව ද මෙහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu