උපයන විට බදු සීමාව වැඩි කිරීම ගැන IMF තීරණය


නාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමින් පවසා සිටියේ උපයන විට බදු සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF එකඟතාවයක් ඇති කර ගත් බවයි. 

එසේම 6%ක බද්දකට යටත්ව ආදායම් බද්දේ පළමුවන කාණ්ඩය රු. 500,000 සිට ලක්ෂ 10 දක්වා සංශෝධනය කිරීමට ද එකඟවී ඇති බව ජනධිපවතිවරයා පවසා සිටිනවා. 

ඒ අනුව, රුපියල් 150,000ක මාසික වැ‍ටුපක් හිමි පුද්ගලයෙකු 100%ක් බදු වලින් නිදහස්වනවා. 200,000ක වැ‍ටුපක් හිමි පුද්ගලයෙකුගේ බද්ද 71%කින්ද 250,000ක වැ‍ටුපක් හිමි පුද්ගලයෙකුගේ බද්ද 61%කින්ද, ලක්ෂ 3ක වැ‍ටුපක් හිමි පුද්ගලයෙකුගේ බද්ද 47%කින්ද 350,000ක වැ‍ටුපක් හිමි පුද්ගලයෙකුගේ බද්ද 25.5%කින්ද නිදහස් වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ. 

එසේම දේශීය කිරි සහ යෝගට් නිෂ්පාදනය සඳහා අදාළ වැට් බද්ද ඉවත් කිරීමට ද IMF සමඟ එකඟ වී ඇති බව ජනාධිපතිවරයා පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu