එසේ කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ එම වාහන නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගනිමින්.
නිසි අධ්‍යයනයකින් පසු රේගු සංකේතාංක 87.03 යටතට ගැනෙන පෙට්‍රල් එන්ජින් ධාරිතාව 1800ccට වැඩි වාහන සහ ඩීසල් එන්ජින් ධාරිතාව 2300ccට වැඩි වාහන (ඩබල් කැබ් / සිංගල් කැබ්/ වැන් රථ / බස් රථ හැර) නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් 2025-03-01 දිනට පෙර අදාළ ප්‍රධාන ගණන්දීමේ නිලධාරින් විසින් අපහරණය කිරීමටයි මෙහිදී අනුමැතිය ලැබී ඇත්තේ.
එසේම මේ සම්බන්ධයෙන් කටයුතු සිදු කර භාණ්ඩාගාරයේ කොම්ප්ට්‍රෝලර් ජනරාල් වෙත වාර්තා කළ යුතු අතර ඒ සඳහා අදාළ වක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට භාණ්ඩාගාරයේ ලේකම් වෙත බලය පවරා තිබෙනවා.